ඔබට ඔබේම කියා web අඩවියක් ඇත්නම් එම web අඩවිය තුල විවිද වෙළඳ දැන්වීම් පල කිරීම මගින් ඔබට මුදල් උපයා ගත හැක. බොහෝ web අඩවි වෙනත් ආයතනවල වෙලඳ දැන්වීම් ප්‍රචාරනය සඳහා බාර ගෙන ඉන් අනතුරුව ඒවා වෙනත් web අඩවිවල ප්‍රදර්ශනයට ලබා දේ. මෙමගින් ඔබට ඔබේ අඩවිය තුලින් නිකන්ම ආදායමක් ලබා ගත හැකි වේ. Google, Adbrite, Bidvertiser, Friendfinder යනු එවැනි සේවා සපයන ආයතන වේ. Google හා Friendfinder යන අඩවි ඔබ විසින් උපයා ගන්නා මුදල් කෙලින්ම ඔබේ නිවසට එවනු ලබයි. Bidvertiser හා Adbrite ඔබට එම මුදල ගෙවන්නේ අන්තර්ජාලික බැංකුවක් හරහාය.
අන්තර්ජාලික බැංකු ගිණුමක් ඇරඹීම
Google සමාගම ඔබේ ගිනුමේ එකතුව 100 $ වූ පසු එය Cheque පතක් මගින් ඔබේ නිවසට එවනු ලබයි. Friendfinder හි එම සීමාව 50$ කි. Adbrite හා Bidvertiser ඔබේ මුදල 10 $ වූ පසු එය ඔබේ අන්තර්ජාලික බැංකු ගිණුමට එකතු කර ගැනීමට අවකාශ සලසා දෙයි.
මෙම ක්‍රමයේදි ඔබේ web අඩවියට පිවිසෙන්නෙකු එම ad එකක් මත Click කිරීම අනුව ඔබට ලැබෙන මුදල තීරනය වේ. විවිද සමාගම් අනුව ඔබට ඔබේ Click එකක් වෙනුවෙන් ලැබෙන මුදල වෙනස් වේ. Google හි Ads ලැබෙන්නේ ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය අනුවය. ඒ නිසා නිතරම ඔබ ඔබේ අඩවියේ අන්තර්ගතය ගැන සැලකිලිමත් වන්න. එවිට ඔබට හොඳ ආදායමක් ලබා ගත හැකිවේ.
No comments:
Post a Comment